වම දකුණ මාරුවුණු පේරාදෙණියේ දොස්තර ශල්‍යාගාරයකදි දැරියකට කළ වින්නැහිය - වීඩියෝ

http://educationnews4us.blogspot.com/‘‘වම නෙවෙයි දකුණු කකුල කියලා දුව කීවලු 
ඒත් ඇහුවේ නෑලු.‘‘

කරන්න ගියපු සැත්කම් වැරදිලා වම දකුණ මාරුවුණු දොස්තරලා ගැන පහුගිය කාලේ අපිට ආරංචි වුණා. නොසැලකිල්ල නිසා සිද්ධවුණු මේ වගේ දේවල් වලින් අන්තිමට අසරණ වුණේ අහිංසක මිනිස්සු.  ඔය විදයේ තවත් සිද්ධියක් ගැන අපිට අද (2) ආරංචි වුණා. ඒ පේරාදෙණිය ශීක්ෂණ රෝහලෙන්.
අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ දකුණු පාදයේ තිබ්බ ලෙඩකට ශල්‍යකර්මයක් කරන්න ගියාම වෛද්‍යවරු ශල්‍යකර්මය  කරලා තියෙන්නේ ඇයගේ වම් පාදයට. මේ ගැන දැරියගේ පියා පේරාදෙණිය  පොලිසියට පැමිණිල්ලකුත්  කරලා තියෙනවා. 
 
පිළිමතලාව විජේතුංග මාවතේ පදිංචි 9 වසරේ ඉගෙනුම ලබන මෙම දැරිය දකුණු පාදයේ  දණහිසේ අබාධයකට ප්‍රතිකාර  කරගන්න තමයි පේරාදෙණිය රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ.
දැරියට කුඩා කල සිටම දකුණු පාදයේ දණහිස ළඟ ගැටිත්තක් තිබුණු නිසා එයට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය 20 වැනිදා ඇයව පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවට ඇතුළත් කරලා තියෙනවා.
පසුව ඇය ශල්‍ය  කර්මයකට භාජනය කරලා තියෙනවා, ඒත්   එයින් පසු දැරිය වාට්ටුවට ගෙනෙන විට දැක ඇත්තේ දකුණු පාදය වෙනුවට වම් පාදයේ ශල්‍ය කර්මයක් කර ඇති බවයි.
වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසපු අවස්ථාවේ ඔහු කියලා තියෙන්නේ 3 වැනිදා දකුණු පාදයට ශල්‍යකර්මය කරනවා කියලා තමයි දැරියගේ පියා කියන්නේ....
 
 
 
 
 
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment