මියගිය සැමියා ළග දින 10 කට වැඩි කාලයක් කල් ගෙවූ ආදරණීය බිරිඳකගේ සෙනෙහස

http://educationnews4us.blogspot.com/මියගිය සැමියා ළග දින 10 කට වැඩි කාලයක් කල් ගෙවූ ආදරණීය බිරිඳකගේ සෙනෙහස

මියගිය සැමියාගේ සිරුර සමඟ දින 10 කට වැඩි කාලයක් රැය පහන් කළ කාන්තාවක් ගැන දැරණියගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිබොඩ දික්ඇල්ලකන්ද පැත්තෙන් අහන්න ලැබුණා.

මීට අවුරුදු 15 කට විතර කලින් මේ යුවළ දික්ඇල්ලකන්ද පැත්තේ පුංචි කටුමැටි පැලක තම ජීවිතය ගෙන ගිහින්. ඒ අතරතුර සැමියාට වැළදුනු රෝගී තත්ත්වයක් නිසා ඔහු එක්තැන්වෙලා.


තමන්ගේ ආදරණීය සැමියාට දුක් මහන්සියෙන් බෙහෙත් ලබාදී සිය බිරිඳ රැකබලාගෙන ඇති අතර පසුගියදා ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා.
තමන්ගේ සැමියායේ වියෝවෙන් සිහිමද ගතියක් ඇතිවූ ඇය මේ ගැන කාටවත්ම නොකියා වෙනදා වගේම ජීවිතේ ගෙන ගිහින්. රැය පහන් කිරීමට කුප්පි ලාම්පුවක් හෝ නොමැතිව දින 10 කට වැඩි කාලයක් මේ කාන්තාව මියගිය තමන්ගේ ස්වාමියාගේ සිරුරත් ළග තියාගෙන ජීවත්වෙලා.
අසල්වැසි නිවසක අයෙක් දිනක් මේනිවස අසලින් යනවිට දැනුනු දුර්ගන්ධයක් නිසා නිවසට ගිහින් බලනකොට තමයි මළසිරුර දැකලා තියෙන්නේ. පසුව දැරණියගල පොලිසියට දැනුම්දීමෙන් පස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ ක්ෂය රෝගය වැළදීමෙන් මොහු මරණයට පත්වෙලා කියලයි.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment