විවාහය කියන දේ ගැන ගහකින් ගෙඩිඑනවා වගේ තීරණය කරන්න බැහැනේ - රිතූ ආකර්ෂා
අවුරුද්ද ගෙවීගෙන යනකොට ලකී නෑ කියලා හිතෙනවා...
වාසනාව එන විදිහ තේරුම් ගන්න බැහැ...
වාසනාව එන විදිහ තේරුම් ගන්න බැහැ...
නමේ හැටියටම කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි රිතූ ආකාර්ෂා කියන්නේ..
පුංචි තිරයෙන් වගේම මියුසික් වීඩියෝවලින් හැමෝම අතර ජනප්‍රිය වුණු රිතූ ආදරේ ගැනත්, ජීවිතේ ගැනත් සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මේ විදිහට.
රිතූ මේ දවස්වල මොනවද කරන්නේ..?
මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම්වලට සහභාගී වෙනවා.
ඉතිං ඒ දේවල් එක්ක දුවන එක තමයි මං මේ දවස්වල කරන්නේ.
එක දිගට ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් අතරතුර ඉන්න කාලය හොයාගන්නේ කොහොමද..?
මං කොහොමත් වැඩියෙන් වැඩ එකවර භාර ගන්න කෙනෙක් නෙවෙයි.
රිතූට චිත්‍රපට පැත්තෙනම් හොඳ ඉල්ලුමක් තියෙනව.. චිත්‍රපට රංගනය පැත්තට ආරාධනා ලැබුණේ නැද්ද..?
චිත්‍රපටවලට නම් ආරාධනා කිහිප වතාවක්ම ලැබුණා. ඒත් මට හිත ගිය පිටපතක් තවම ලැබුණේ නැහැ.
මං හිතනවා මේ අවුරුද්දේදි ඒ වගේ හිතට හරියන පිටපතක් ලැබේවි කියලා.
මේ අවුරුද්ද වාසනාව ගේන අවුරුද්දක් කියලද හිතන්නේ..?
අවුරුද්ද ලබද්දි මම එහෙම හිතුවා. නමුත් අවුරුද්ද ගෙවීගෙන යනකොට හිතෙන්න පුළුවන් මේ අවුරුද්දත් හිතපු තරම් ලකී නැහැ කියලා.
මම කොහොමත් අවුරුද්ද ලකී කරගන්න කැමතියි.
ඒත් ඔය කියන වාසනාව උදා කරගන්න හදන්නේ මොන විදිහටද කියලා මට තේරුම් ගන්න බැහැනේ.
ඔයා මේ අවුරුද්දේ විවාහ වෙන්න තීරණය කළා කියන්නේ ඇත්තක් නෙවෙයිද..?
අපොයි නැහැ.
මට මැරේජ් එකක් ගැන හිතන්න කලින් පෙම්වතෙක් ඉන්න ඉපායැ.
තවම මට පෙම්වතෙක් නැහැ. ඇරත් විවාහය කියන දේ ගැන ගහකින් ගෙඩි එනවා වගේ තීරණය කරන්න බැහැ.
තවම මම විවාහයක් ගැන හීනෙකින්වත් හිතලා නැහැ. තව අවුරුදු දෙක තුනකින් බලමු. තවම මම පොඩි කෙල්ලනේ.
ක්ෂේත්‍රෙයදි අපට මුහුණ දෙන්නට සිදුවෙන යම් යම් සිදුවීම් එක්ක සිත රිදෙනවා. ආයෙමත් ඒ රිදුණු හසිත හැදෙනවා. මේ හැලහැප්පීම් එක්ක මේ යන ගමන ගැන ඔබ මොකද හිතන්නේ..?
අපි රංගනය තෝරා ගන්නවා නම් ඔය හැමදේටම මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඕනේ..
හොඳට වඩා අපට ඇහෙන්නේ නරක.
ඒ වගේ දේවල් මැද්දෙන් තමයි ඉදිරියට යන්න වෙන්නේ. කොහොමත් ඒකාකාරීව ගලනවට වඩා බාධක මැදින් ගලාගෙන යන ජීවිතය සුන්දරයි. ඔය වගේ පුංචි පුංචි සිත් රිදවීම් තියෙන්න ඕනේ. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.





0 comments:
Post a Comment