මතක් වෙවී හිතට වද දෙන අමිහිරි මතකයන් මකා දැමිය හැකි ප්‍රතිකාරයක් මෙන්න

මතක් වෙවී හිතට වද දෙන අමිහිරි මතකයන් මකා දැමිය හැකි ප්‍රති කාරයක් මෙන්න

අප ජිවීත කාලය පුරා විදී ඇතැම් අමිහිරි සිදුවීම් යළි යළි මතකයට නැගීම කිසිවකු ප්‍රිය නොකරන දෙයක්. එම අමිහිරි මතකයන්ගෙන් විදි පීඩා නිමාකරමින් එවැනි අමිහිරි මතක මකා දැමිය හැකි ක්‍රමයක් සොයා ගැනීමට විද්‍යාඥයින් සූදානම් වෙනවා.

අමිහිරි මතකයන් රඳවා ගන්නා නියුරෝන විනාශ කර දැමීමේ ක්‍රමයක් මීයන් ආශ්‍රායෙන් කළ පර්යේෂණවලින් සොයා ගෙන ඇති බවත් ඒ අනුව නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ අමිහිරි මතකයන්ද මකා දැමීමට හැකි වන ඇති බවත් ඇමරිකානු පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙනවා.

එපමණක් නොව යුධ බිමේ සිට ආපසු පැමිණෙන සෙබළුන්හට දැඩි මානසික පීඩා ගෙන එන පශ්චාත් ආතතිය එනම්, පෝස්ටෘමැටික් (post-traumatic stress disorder) (PTSD) නම් දැඩි ආතතියෙන් පසු ඇති වන මානසික ව්‍යාධියට මෙන්ම මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහිවීමෙන් මිදීමට මෙම තාක්ෂණය භාවිතා කළ හැකි බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment