ගිනියම් වී වැළලුණු ඇඹිලිපිටියේ සැඟවුණු රහස ගොළු වුණු තරුණයෙකුගේ ඇසින් දුටු සාක්ෂියකින් යලි ගොඩ එන්න හදයි
ඇඹිලිපිටිය නගරයේ නිවසක පැවති සාදයක්
අතරතුර පොලිසිය හා ඇතිවු ගැටුමකින් මියගිය සුමිත් ප්‍රසන්නගේ මරණය
සම්බන්ධයෙන් වූ සිද්ධිය දුටු ගොළු තරුණයෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට රහස්
පොලිසියට කටයුතු ආරම්භකර තිබෙනවා.
ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් අනුව ගොළු තරුණයාගෙන් එම තොරතුරු ලබාගැනීමට ගොළු භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබාගැනීමට සූදානමින් සිටිනවා.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කරන රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ සිද්ධිය වූ දිනයේ එම ස්ථානයේ සිටි නිමල් නමින් හදුන්වන මෙම ගොළු පුද්ගලයා සිට ඇති බවයි.
එම නිසා ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීමට රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ විදුහල්පතිවරයාගෙන් සහය ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයාගෙන් රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි මෙම අවසරය ලබාදී ඇත්තේ.
මේ අතර සාදයේදී ඇතිවූ ගැටුමින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ සිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හෝ ඥාතියකුගේ ඉල්ලීමක් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද දෙපාර්ශවයේ නීතිඥයන්ට දන්වා තිබෙනවා.
0 comments:
Post a Comment