හැරී කුමරු නිසා ගැබ්ගත් ගැහැනියක් මාලිගාවට ඇවිත්
පසුගියදා බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවූයේ හැරී කුමරුගේ අනියම් සබඳතාවයක් නිසා ගැබ්ගත් කාන්තාවක සිය දරුවාගේ අයිතිය කියමින් මාලිගාවට ආ කතාවකි
හැරී කුමරු තිස් හැවිරිදි වියේ පසුවන අතර හවුස්හෝල්ඞ් කැවරි රෙජිමේන්තුවේ දෙවන ලූතිනන් ධුරයක් දරන ඔහු දක්ෂ පෝලෝ සහ රග්බි ක‍්‍රීඩකයෙක්ද වේ.
දිනක් සවස් වරුවක තරබාරු සිරුරක් සහිත කාන්තාවක බකිංහැම් මාලිගයේ ආරක්ෂකයන් හමු වී තමන්ට මේ මොහොතේම හැරී කුමරු හමු වන්නට අවශ්‍ය බව කියා තිබේ. නමුත් ඔහු හමුවන්නට අවශ්‍ය හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ එය අතිශය පෞද්ගලික කාරණයක් යන්න බව පමණි
දිගින් දිගටම ප‍්‍රශ්න කරන විට තමන්ට හැරී කුමරුන්ට ඉතාම බියකරු පුවතක් විය හැකි පණිවුඩයක් පවසන්නට ඇති බවත් එය ඇය විසින්ම ඔහු වෙත පවසන්නට අවශ්‍ය බවත් කියා තිබේ
කෙසේ වුවද ඇය තම නම පැවසීමට හෝ සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූයෙන් ඇයට මාලිගයේ ගේට්ටුවෙන්
ඇතුළු වන්නට ආරක්ෂකයන්ගෙන් අවසර ලැබි නැත. ඇයට ලැබුණු එකම පිළිතුර වී තිබුණේ වහාම මෙතැනින් පිට වන බව පැවසීම පමණි. මේ ගැන කෝප වූ ඇය තමන් මෙතනින් පිට වන්නේ හැරී කුමරුන් හමු වී සාකච්ඡුා කිරීමෙන් පසුව පමණක් බව දැඩි ලෙසම පවසා තිබිණි
ඉන්පසු ඇය මාලිගය අවට එහා මෙහා ඇවිදිමින් සිටිනු ආරක්ෂකයන් දැක තිබිණි. ? බෝ වූ පසු ඇය ආරක්ෂකයන්ගේ ඇස් වසා මාලිගයේ ගේට්ටුවෙන් රිංගා උද්‍යානයට ඇතුළු වීමට උත්සාහ දරන මොහොතේ ඇය අත්අඩංගුවට ගන්නට ආරක්ෂකයන් පියවර ගෙන තිබිණි
පසුව බකින්හැම් මාලිගයේ ආරක්ෂාව සඳහා යොදා ඇති ප‍්‍රාන්ත පොලීසිය විසින් ඇය
පිළිබඳව සෙවීමේදී දැන ගන්නට ලැබි ඇත්තේ ඇය ඉන්න හිටින්න පවා තැනක් නැති කාන්තාවක බවය. එවන් කෙනෙකුට හැරී කුමරු සමග ඇති සම්බන්ධය කුමක් ද යන්නත්, ඇයට කුමරුට කියන්නට ඇති බියකරු පණිවුඩයකුමක් ද යන්නත් පොලීසිය විසින් ඇයගෙන් ප‍්‍රශ්න කර තිබේ. එසේ දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා තිබුණේ තමන්ට හැරී කුමරුට දාව දරුවකු ලැබෙන්න සිටින බවත්, ඒ ගැන තවමත් ඔහු නොදන්නා බවත්, තමන් මාලිගා ගේට්ටුවෙන් රිංගා ඇතුළු වන්නට උත්සාහ කළේ ඔහු හමු වී මේ ගැන ඔහුට කියන්නට බවත්ය
මේ ආරංචිය ඕපාදුප මාධ්‍ය මගින් පළ වූ පසු බකිංහැම් මාලිගයේ නිල මාධ්‍ය පවසා ඇත්තේ සිද්ධියට අදාළ කාන්තාව මානසික රෝගියෙකු බවත්, වෙනත් කෙනෙකු නිසා ඇය ගැබ් ගෙන සිටිනවා විය හැකි බවත්ය කෙසේ වුවද මේ පිළිබඳ දිගින් දිගටම මාධ්‍යවල පළ වෙද්දී හැරී කුමරුන් මෙම ප‍්‍රවෘත්තිය
උපහාසයෙන් බැහැර නොකොට තවමත් මුණිවත රකිමින් සිටීම ද පුදුමයට කරුණකි. මේ අතර අදාළ සිද්ධිය සිදු වූ මොහොතේ මාලිගයේ ආරක්ෂාවට සිටි එක් පොලිස් නිලධාරියෙකු මාධ්‍යට පවසා ඇත්තේ මෙම කාන්තාව ගැන තමන් ඒ මොහොතේම හැරී කුමරු දැනුවත් කළ බවත් එවිට ඇගේ හැඩ රුව අසා මොහොතක් කල්පනාවක නිමග්නව සිටි කුමරු ”එහෙනම් ඇයට කරදර කරන්න එපා. ඇය ගිහින් ඇරලවන්න” යැයි තමාට පැවසූ බවත්ය
එම ආරක්ෂක නිලධාරියා අදාළ සිදුවීම මාධ්‍යයට පැවසූ පසු මේ දක්වා සේවය සඳහා වාර්තා කර නොමැති බවද වාර්තා වනවා.
0 comments:
Post a Comment