වැරදීමකින් වසර 2 ක් සිරබත් කෑ මාස 16 ක දරුවෙකුගේ සංවේදි කතාව

වැරදීමකින් වසර 2 ක් සිරබත් කෑ මාස 16 ක දරුවෙකුගේ සංවේදි කතාව
අවුරුදු දෙකක් තිස්සේ සිර බත් කෑ මාස 16 ක දරුවෙකු පිළිබඳ පුවතක් ඊජිප්තුවේ කයිරෝ නුවරින් වාර්තා වනවා. අහමඩ් මන්සූර් නම් වූ මේ කුඩා පිරිමි දරුවාව පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණේ 2014 වසරේ කයිරෝ නුවර පැවති උද්ඝෝෂණයක් අතරතුරයි.
එම උද්ඝෝෂණයේදී පුද්ගලයන් 3 දෙනෙකු මියගිය අතර රජයේ දේපළවලට සිදුවූ විශාල හානිය හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත වූ 115 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පොලිසිය පියවර ගත්තා. 

එම උද්ඝෝෂකයින් 115 දෙනා සමග මේ මාස 16 දරුවාද සිට තිබුණා. පසුව මෙම මාස 16 දරුවාව ජීවිතාන්තය දක්වා සිර ගත
කිරීමටයි එරට අධිකරණයක් නියෝග කර තිබුණේ.  අදාළ නියෝගයත් සමග ඊජිප්තු අධිකරණයට ජාත්‍යන්තරයෙන්ද දැඩි විවේචන එල්ලවුණා. මේ අවසනාවන්ත සිද්ධියෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් සිරබත් කෑ පුංචි මන්සූර්ට මේ වෙද්දි වයස අවුරුදු 3 ක්.  කෙසේ වෙතත් දෛවයේ වාසනාවකට මෙන් මන්සූර්ව නිදහස් කරන්නට නැවතත් අධිකරණය පියවර ගෙන තිබුණා. ඔහුට නිදහස ලබා දීමෙන් පසු පොලිසිය පවසා තිබුණේ අත්වැරැද්දකින් අනන්‍යතාව හෙළිකරගත නොහැකි වීම හේතුවෙන් මෙම දරුවා සිරගත කළ බවයි. මේ අතර දරුවා සිරගත කිරීමත් සමග පියාටද  පොලිසියෙන් දැඩි තර්ජන එල්ලවීම හේතුවෙන් ඔහුද   සැඟවී සිට තිබෙනවා.                                
















Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment