ඩිල්ෂාන්ට ජුලි 09 උසාවියේ පෙනී සිටින ලෙස නියෝග
ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්නට විරුද්ධව ඔහුගේ හිටපු බිරිද විසින් තම පුතාට නඩක්තු වියදම් හා වන්දි ඉල්ලා පැවරූ නඩුව ඊයේ දින කැද වූ අතර අධිකරණ අංක 9 ශාලාව වෙත පිස්කල් නිලධාරීන් විසින් දැනුම් දුන්නේ ඩිල්ෂාන් විසින් ලබා දී තිබූ ලිපිනය නිවැරදි එකක් නොවන බවයි. එබැවින් ඔහුට සිතාසි බාර දීමට නොහැකි වූ බවත්. ඩිල්ෂාන් සොයාගත නොහැකි වූ බවත් පවසා සිටියහ.
මෙය අසා සිටි විනිසුරුතුමා මෙවැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක්වත් සොයාගැනීමට අසිරූ වීම මවතියට කරුණක් බව පවසමින් ශාලාවේ සිටි ජනතාව අමතමින් ඔයාලවත් මේ පුද්ගලයා දැක්කොකොත් ජුලි 09 වෙනිදාට එන්න කියන්න යැයි පැවසීමෙන් පසු එහි සිටි හැමෝගේම මුවගට සිනහවක් නැගී ඇත. අධිකරණය නැවත නඩු දිනය ජුලි 09 වෙනිදාට නියම කරමින් නැවතත් සිතාසි නිකුත්කර ඇති අතර එදිනට
අධිකරණය ඉදිරියේ පොනී සිටින ලෙස ඩිල්ෂාන්ට දන්වා ඇත.

0 comments:
Post a Comment