වෙලේ සුදා කියපු කුඩු මන්ත්‍රි ගැන පරීක්ෂණ අරඹයි
වෙලේ සුදා' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රහස් පොලිසියට කරන ලද පාපෝච්චාරණයට අදාළව කුඩු කන්ටේනරයක් මෙරටට ළඟා වීමෙන් පසු කුඩු විකිණෙන තුරු ඊට අදාළ පුද්ගලයන්ට රැකවරණය ලබාදුන් බලවතුන් අතර අදාළ මන්ත්‍රිවරයකු සිටියේද යන්න ගැනත් ඒවා ක්‍රියාත්මක කර ඇති අන්දම පිළිබඳවත් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්‍රී ලංකාවට පැමිණි කුඩු තොග විකිණීමෙන් පසු මුදල් සංසරණය සිදුවී
ඇති අන්දම පිළිබඳ හෙළිකර ගැනීමට බැංකු ගිණුම් පරීක්ෂාවද රහස් පොලිසිය
විසින් ආරම්භ කොට ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය. කුඩු
කන්ටේනරයක් වරායෙන් නිදහස් කරගත් අවස්ථාවේ සිට එම කුඩු තොග බෙදාහැරීමේ
මෙහෙයුම කරගෙන යන ජාවාරම්කරුවන්ට අවශ්‍ය අවස්ථාවලදී ප්‍රවාහන පහසුකම් සලසා
දී ඇති අන්දම ගැනද රහස්
පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.
ගම්පොළ විතානලාගේ සමන් කුමාර නොහොත්
'වෙලේ සුදා' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ත්‍රස්තවාදී පනත යටතේ මාස තුනකට
රඳවා තබා ගැනීමේ නියෝගයක් අධිකරණය මඟින් ලබාගෙන විශේෂ රහස් පොලිස්
කණ්ඩායමක් සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි. 'වෙලේ සුදා' නමැති
සැකකරු හෙළිකර ඇති බැංකු ගිණුම් සහ බැංකු සුරක්ෂිතාගාර පිළිබඳ රහස් පොලිසිය
පරීක්ෂණ පවත්වයි.

0 comments:
Post a Comment