ඒකාධිපති මහින්දට වෙනම ගුවන් යානයක් නිපදවයි

ඒකාධිපති මහින්දට වෙනම ගුවන් යානයක් නිපදවයි


ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහා විශේෂ පහසුකම් සහිත ගුවන් යානයක් නිපදවා ගැනීම සදහා ප්‍රංශය මුලස්ථානය කරගත් එයාර් බස් ආයතනය සමග කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. ජනාධිපත්වරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සදහා එක් ගුවන් යානාවක් නවීකරනය කිරීමට එකී සමාගම කටයුතු කරමින් සිටින බව මාධ්‍යවේදී නම්මිනි විජේදාස මහත්මිය තම වාර්තාව මගින් පෙන්වා දී ඇත.


ශ්‍රී ලංකාව ගුවන් යානා දහයක් මිළදී ගැනීම සදහා කටයුතු කර ඇතැයි පවසන එම වාර්තාව ඉන් ගුවන් යානා හය(6)ක් A330 – 300 ගුවන්යානා බවත්,ඉතිරි ගුවන්යානා අතර A 350 – 900 වර්ගයේ නවීන ගුවන්යානා බවත් සදහන් කර ඇත.

මෙම ගුවන් යානා 10 න් A330 ගුවන්යානාවක් මේ වන විට ශ්‍රී ලංකාව වෙත ලැබී ඇතැයි පවසන එම වාර්තාව ඉතිරි ගුවන්යානා මේ වසර අවසන් වීමට පෙර එනම් දෙසැම්බර් මස අවසාන බාගයේදී ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිතව ඇත.

ගුවන් යානය සදහා විශේෂ මෙවලම් සැකසීමට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3ත් 5ත් අතර වැය වෙනු ඇතැයි විර්තාවේ. මෙම පුවතෙහි විශේෂත්ත්වය වනුයේ සිංහල භාෂා මාධ්‍ය තිසිදු පුවත් පතක් මෙම සිද්ධිය වාර්තා නොකිරීමයි.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment