දැරිය ගැබිණියක් කොට පෙම්වතා පැන ගිහින්
වයස
අවුරුදු 15 යි මාස 07 ක පාසල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස්
ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු
කරන බව මාරවිල පොලීසිය කියයි. අතවරයට ලක්ව ගැබිණියක් බවට පත්ව ඇත්තේ මාරවිල පොලිස්
වසමේ පාසල් සිසුවියකි. ඇය ප්‍රදේශයේ පාසලක 11 වන වසර
පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.
පලා ගොස් ඇති සැකකරු අතවරයට පත්ව ඇති දැරිවියගේ
පෙම්වතා බවත්, ඔහු කටුනේරියේ පදිංචි 25 හැවිරිදි අයෙකු බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය
කියයි. තම පෙම්වතා 2012 වසරේ අප්‍රේල් මාසයේ දිනක පළමු වරට රාත්‍රී කාලයේ මව්පියන්ට
හොර රහසේ තම නිවසට පැමිණි බවත්,එදින පළමු වරට ඔහු හා තමන් අඹු - සැමි ඇසුරක්
පැවැත්වූ බවත් දැරිය මව්පියන් හමුවේ පවසා ඇත. එදින සිට අවස්ථාව ලැබෙන සෑම දිනකම
රාත්‍රී කාලයේ තම නිවසට මව්පියන්ට හොර රහසේ ඇතුළු වන පෙම්වතා තමා සමග අඹු - සැමි
ඇසුරක් පැවැත්වූ බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.
තම දියණිය නිතර රෝගී වීම හේතුවෙන් ඇයව ප්‍රතිකාර
සදහා පුද්ගලික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට දැරිවියගේ මව්පියන් කටයුතු කර
ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ ඇය සත් (07) මස් ගැබිණියක බවය. ඒ අනුව දැරිවියගේ
මව්පියන් සැකකාර පෙම්වතා සොයා ගියත් ඔහු ඒ වන විට ප්‍රදේශය අතහැර ගොස් තිබී ඇත.
දැරිවිය මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සැකකරු මෙතෙක්
අත්අඩංගුවට ගෙන නැත.
0 comments:
Post a Comment