ලක්‍ෂ 35ක් ඕන - නැත්තම් දුවව ගණිකා
මඩමකට දෙනවා
පැහැර ගැනීම සම්බන්ධයෙන් තඹුත්තේගම කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ජේ. යූ. රාමවික්‍රම මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස තඹුත්තේගම මූලස්ථාන පොලිසියට උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව බණ්ඩාර මහතා විසින් දියණියව අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ තරුණයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිලි කරනු ලැබුවත් තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු සඳහා උනන්දුවක් නොදක්වන බවත්, අවුරුදු 18කට වැඩි තරුණිය තරුණයකු සමඟ ගොස් සිටින නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි යැයි පැවැසූ බවත් ඒ මහතා පවසා සිටියේය. එහෙත් දෙපාර්ශ්වය ගෙන්වා විමර්ශනයක් සිදු කරන ලෙස බණ්ඩාර මහතා පොලිසියෙන් ඉල්ලීම් කළත් තඹුත්තේගම මූලස්ථාන පොලිසිය එම ඉල්ලීම් ඉවත දැමූ බවත්, මේ වන විට තම දරුවාට සිදු වූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට නොහැකි බවත් දියණිය පැහැර ගෙන ගිය පුද්ගලයා ඇය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවත් ඔහු පැවැසුවේය.
අධ්‍යාපනයට දස්කම් දැක්වූ දියණියට අගෝස්තු මස පැවැත්වූ අ. පො. ස. උසස් පෙළ විභාගයේ විෂයන් දෙකකට පමණක් සහභාගි වීමෙන් අනතුරුව මෙම පැහැර ගැනීම සිදු වූ බවත්, තමන් ව්‍යාපාරිකයකු නිසා දරුවන් වෙනුවෙන් විශාල දේපළක් එක්කාසු කර තිබෙන බව දන්නා තරුණයා සහ ඔහුගේ පවුලේ උදවිය එක්වී මෙම පැහැර ගැනීම සිදුකළ බවත් ඔහු පැවැසුවේය. තම දරුවා ජීවතුන් අතර සිටින්නේද එසේත් නැත්නම් මියගොස් ඇද්ද යන්න පිළිබඳව දැඩි සැකයක් පවතින බවත් ඔහු කීවේය. දරුවා බේරා ගැනීමට අවශ්‍ය නම් ලක්‍ෂ 35ක් රැගෙන තමන්ව හමුවීමට එන ලෙස පවසා පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා බවට සැක කළ හැකි අයකු ලිපියක් එවා තිබෙන බවද ඔහු පැවැසුවේය. ලක්‍ෂ 35ක් රැගෙන පසුගිය 3 වැනිදා දිනයේ වෙන්නප්පුව කනත්ත අසල මුහුදු වෙරළට පැමිණෙන ලෙසත්, එසේ නොපැමිණෙන්නේ නම් දුව ගණිකා මඩමකට හෝ විකුණා එම මුදල සොයා ගන්නා බවත් එවා ඇති ලිපියේ සඳහන් වේ. ලිපිය පිළිබඳව පොලිසියට පැවැසුවහොත් දුව දකින්නට නොලැබෙන බවද ලිපියේ සඳහන් කර තිබිණි.
මේ පිළිබඳවත් තඹුත්තේගම පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා තමන්ට නැවැතත් තඹුත්තේගම මූලස්ථාන පොලිසියට මේ පිළිබඳව විමසීමට හෝ සොයා බැලීමට නොපැමිණෙන ලෙස දන්වමින් ඉතා අමානුෂික අයුරින් බැන වැදුනු බව ඔහු පැවැසුවේය. තමන්ගේ දුක කීමට පොලිස් ස්ථානයට නොගොස් කනත්ත වෙතටද යන්නේ යැයි ඔහු ප්‍රශ්න කෙළේය. දියණිය පැහැර ගැනීමට දේශපාලනඥයකුගේ සම්බන්ධයක් තිබෙන බවත් පොලිසිය ඒ සඳහා දායකත්වය ලබා දෙමින් කටයුතු කරන බව දැන ගැනීමට ඇති බවත් ඔහු චෝදනා කෙළේය.
තම දියණිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයකු
වෙතොත් 071 - 2111638 හෝ 025 - 2276341 යන දුරකතන අංකයන් හට දන්වන ලෙසද ඒ මහතා
ඉල්ලීමක් කළේය.


0 comments:
Post a Comment