බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 7ක් මරුට

බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 7ක් මරුට video

බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක සමයං (30) ඇතුළු අය අද බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී එම බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී 7 දෙනෙකු මියගොස් ඇත. වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලුතර ප්‍රදේශයේදී ය. වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං  බන්ධනාගාර නිලධාරියෙකු ඇතුලු හයදෙනෙකු එතැනම මියගොස් තිබෙනවා. තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු බන්ධනාගාර ජේලර් වරයෙකුද මියගියා.කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති අබවත් ඔවුන් වෙඩි තැබීමෙන් පසු පළා ගිය බවත් වාර්තාවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (27) උදෑසන නඩුවක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර මෙම ඝාතන සිදුවූ බවයි. චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකුවී සිටින පාතාල කල්ලි නායකයෙකු ලෙසද ප්‍රචලිත කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචි සමයං කඩුවෙල නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම සහ ඝාතන දෙකක්සි දුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලු චෝදනා රැසක විත්තිකරුවෙකි. මීට පෙර 2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදාද මේ ආකාරයටම මෙම නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණ නමුත් ජීවිතය බේරිණි. මෙවරඑම වෙඩි තැබීම සිදු කර ඇති අයගේ ඉලක්කය සාර්ථකවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹී ඇත.






Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment