තවත් සිසු වධකාගාර 5ක් පිළිබඳ තොරතුරු - ඇමති කිරිඇල්ල

තවත් සිසු වධකාගාර 5ක් පිළිබඳ තොරතුරු - ඇමති කිරිඇල්ල

මහනුවර දිස්ත්‍රික්කයේ තවත් සිසු වධකාගාර 5ක් පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. 

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පවත්වාගෙන ගිය සිසු වධකාගාරයක් පිළිබදව පසුගිය දිනවල තොරතුරු අනාවරණ වුණා. 

එහිදී නවකවදය ලබාදීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා. 

තවත් එවැනිම සිසු වධකාගාර පිළිබද තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි මහනුවර - තෙල්දෙනිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment