ඊළඟ අගමැති ලෙස රනිල් පත් කරන්න පොරොන්දු වී නෑ

ඊළඟ අගමැති ලෙස රනිල් පත් කරන්න පොරොන්දු වී නෑ


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂය හා තමන් අතර කිසිදු ගිවිසුමක්‌ හෝ විශේෂ එකඟතාවක්‌ නොමැති බවත් ඊළඟ ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බවට තමා ‍පොරොන්දුවක් දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී ඊයේ (09) ප්‍රකාශ කර තිබේ. 

එළැ‍ඹෙන මැතිවරණයෙන් අනතුරුව පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිතව ඇද්දැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එසේ පවසා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ අගමැති

ධුරය පිරිනමන බවට කිසිතැනක ප්‍රකාශයක් කර හෝ ‍පොරොන්දුවක් දී නැතැයි මෙහිදී පවසා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා තමන් එකඟතාවකට පැමිණ නැතැයිද පවසා ඇත. ප්‍රථමයෙන් 20 වැනි සංශෝධනය සම්මත කොටගෙන අනතුරුව මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ඉදිරිපත් වන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගනිමු යැයිද පවසා ඇති ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයටත් අමාත්‍ය ධුර කීපයක් සන්ධාන ආණ්ඩුවෙන් ලබා දෙමු යැයිද කියා තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි එජාප ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ගවලට එජනිස මන්ත්‍රීවරු සහාය දුන්නද එජාපය එම සන්ධාන මන්ත්‍රීවරුන් ඉතා පහත් ලෙස සලකන හා කතා කරන බව මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිගේ ඉල්ලීම පරිදි 19ට සහාය දුන් බවත් දැන් 20ට සහාය ඉල්ලන විට සහාය දෙන්නට සූදානම් වූ බවත් මෙහිදී පවසා ඇති කෙහෙළිය රඹුක්වැල්ල මහතා 19ට සහාය දුන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සන්ධාන මන්ත්‍රීවරුන්ට බලු කුක්කන් වගේ 19ට ඡන්දේ දුන්නා යැයි ප්‍රකාශ කර ඇති බවද කියා ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සහාය ලබාදෙන සන්ධාන මන්ත්‍රීවරුන්ට මෙවැනි තත්ත්වයක් උදාවීමට ඉඩ නොදෙන ලෙස මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සතයක් හොරකම් නොකළ තමාටත් හොරා යැයි මේ ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ යැයි මෙහිදී පවසා ඇති බන්දුල ගුණවර්ධන මහතා බොහෝ දෙනා දරුවන් ඇති පියවරු ලෙස මෙම තත්ත්වය නිසා වේදනාවට පත්ව ඇති බවද කියා තිබේ.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment