සුපිරි වෙළෙදසලකින් රෙදි සොරකම් කරන කාන්තාව CCTV එකෙන් මාට්ටු
ගලෙන් බිදුණුවැව නගරයේ සුපිරි රෙදි වෙළෙද සැලකින් රෙදි සොරකම් කළ කාන්තාව එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවක් නිසා හදුනා ගැනීමට වෙළෙදසල් හිමිකරුට හැකිවී ඇති බව පොලිස් නිලධාරියෙකු කියා සිටියේය.
ඒ අනුව අදාළ දර්ශන ගලෙන්බිදුණූවැව පොලීසියට ලබාදීමෙන් පසු එම සොරකම කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ,
මෙම සොරකම පිළිබද සැකපිට
අත්අඩංගුවට ගෙන ඇත්තේ හුරුළු දුටුවැව පදිංචි 35 හැවරිදි දෙදරු මවක බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි, මෙම කාන්තාව ඉතුත්දා (05) ඉරිදා අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ අමරසේන හෙට්ටිගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50.000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ බව ගලෙන්බිදුණුවැව පොලීසිය පවසයි, සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments:
Post a Comment