පාසල් සිසුවියට සීයා ගෙන් බබෙක්
තම සීයා අතින් අතවරයට ලක්ව ගැබිනියක් වූ 15 හැවරිදි පාසල් සිසුවියක පසුගියදා ලුණුගල දිසා රෝහලකදී දරුවකු ප්‍රසූත කර ඇති බව ගන්නට ලැබේ,
ලුණුගල ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබමින් සිටි මෙම දැරිය පසුගිය සති අන්තය දක්වාම පාසලට පැමිණ තිබේ, ලුණුගල පදිංචිව සිටි මෙම දැරියගේ මව හා පියා පස්සර පෙදෙසේ පදිංචිව සිට ඇති බැවින්, දැරිය තම මාමා හා ආච්චි සමග මෙම වතු නිවාසයේ සිට පාසල් ගොස් ඇත,
පසුගිය සති අන්තයේ දැරියට බඩේ කැක්කුමක් හටගැනීම නිසා ඇගේ ආච්චි හා මාමා සමග ලුණුගල දිසා රෝහලට ප්‍රතිකාර ගැනීම සදහා පැමිණ ඇත,
ඒ අවස්ථාවේ ඇය පරික්ෂා කළ වෛද්‍යවරයා ඇය දරු ප්‍රසූතියකට ආසන්නව ඇති බව දැන වහාම අදාළ වාට්ටුවට ඇතුළත් කර තිබේ, එසේ ඇතුළත් කර පැය දෙකක් පමණ යෑමට මත්තෙන් දරු ප්‍රසූතිය සිදුව ඇත, මේ සම්බන්ධයෙන් දැරියගෙන් ලබාගත් ප්‍රකාශයක් අනුව ඇගේ සීයා යැයි පවසන වත්තේ වෙළදසලක හිමිකරුවකු වූ පුද්ගලයකු ලුණුගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත, දැරිය හා බිලිදා වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට යවා ඇති අතර ලුණුගල පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් මානියම්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

0 comments:
Post a Comment