"තවත් පවුල්ආරවුලක් මරණ දෙකකින්
අවසන්.....
වවුනියාව මහරම්බකුලම ප‍්‍රදේශයේදී සිය බිරිඳට පොරවකින් පහර දී ඝාතනය කර,
නිවස ඉදිරිපිට පිහිටි ගසක ගෙල වැළලාගෙන දිවි හානි කරගත් පුද්ගලයා පවුල්
ආරවුලක් හේතුවෙන් පීඩා විඳිමින් සිිටි අයෙකු බව මේ වනවිට අනාවරණ වී
තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැවසුවේ දිවි නසාගත් පුද්ගලයාගේ
බිරිඳ වසර කිහිපයක් තිස්සේ විදෙස්ගතව සිට මීට මාස කිහිපයකට පෙර යළි මෙරටට
පැමිණ ඇති බවයි.ඉන්පසු නැවත වතාවක් විදේශගත වීමට අවශ්‍ය බව ඔහුගේ බිරිඳ ප‍්‍රකාශ කිරීමත් සමග දෙදෙනා අතර මෙම ආරවුල හටගෙන තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස බිරිඳ ඝාතනය කළ එම පුද්ගලයා තම මාමණ්ඩියට සහ නැන්දණියට ද පොරවකින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බවයි අපට දැනගන්නට ලැබුණේ. තුවාල ලැබූ ඔවුන් මේ වන විට වවුනියාව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
ඝාතනයට ලක් වූ බිරිඳ තිස් අට හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. ඝාතනයට ලක් වූ බිරිඳට සහ දිවි නසාගත් පුද්ගලයාට දරුවන් පස්දෙනෙකු සිටින බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
0 comments:
Post a Comment