රිතික් රෝෂන් දැන් ජැකලින් එක්ක සෙට් වෙලා

hrithik-jack

 රිතික් රෝෂන් දැන් ජැකලින්  එක්ක සෙට් වෙලා

ජැකලින්ට දැන් තමන් ලොව සුපිරිම නළු නිළියන් අතර කෙනෙක් යැයි සිතන්නට හේතූ තියෙනවා. බොලිවුඩයේ සුපිරි වීරයා වන සල්මාන් ඛාන් එක්ක ඇය රඟපෑ Kick චිත්‍රපටයත් ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පසුකළ චිත්‍රපට අතරට එක් වෙලා. ඒ වගේම ඇය බොලිවුඩයේ ග්‍රීක දෙවියන් වන රිතික් රෝෂන් සමඟත් චිත්‍රපටයකට අත්සන් තබලා ලු. එ් විතරක් නෙවෙයි. Kick චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Sajid Nadiadwala ගේ තවත් චිත්‍රපට 3කට ඇයව තෝරාගෙන තියෙනවාලු.

මධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ සජිඩ්ගේ සිනමා නිර්මාණ සඳහා දායකත්වය ලබාදීම පහසු බවත් මීට ප්‍රථම ඔහුගේ Housefull, Housefull 2 හා නවතම චිත්‍රපටය වන Kick චිත්‍රපටයේද ඇය රංඟනයේ යෙදුනේ බොහොම සතුටින් බවයි.

ඇලඩින් චිත්‍රපටයෙන් Riteish Deshmukh සමඟ සිනමා ලොවට පිවිසි ඇය Ranbir Kapoor සමඟත් නිදුරේදී නිකුත් වීමට ඇති Roy චිත්‍රපටයේ රංඟනයේ යෙදීමට නියමිතයි.

Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment