වෙඩින් ඇල්බම් එක ගෙන එමින් සිටි කොස්‌තාපල් ත්‍රිරෝද රිය පෙරළී මරුට

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ විලව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් මිරිහාන පොලිසියට අනුයුක්‌තව සේවය කළ පොලිස්‌ කොස්‌තාපල්වරයකු මිය ගොස්‌ ඇතැයි මහව පොලිසිය පවසයි

ඊයේ 25 දා උදේ 8 10 ට පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගොස්‌ ඇත්තේ දිවුල්ගනේ ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි ඒ එච් එම් සුසන්ත බණ්‌ඩාර 32 නමැති විවාහකයෙකි පාදෙණිය
සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය මාර්ගයේ සිටි බල්ලෙකු බේරීමට යැමේදී වේගය පාලනය කරගත නොහැකිව වට කිහිපයක්‌ පෙරළීයැම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිසිය කියයි මියගිය පොලිස්‌ කොස්‌තාපල්වරයා විසින්ම ත්‍රිරෝද රථය ධාවනය කර ඇතැයි පවසන පොලිසිය පැවසුවේ ඔහු පසුගිය අප්‍රේල් මාසයේ දී විවාහ වී ඇති අයකු බවයි  අනතුරට පත් ත්‍රිරෝද රථයේ තිබී ඔහුගේ මංගල ඡායාරූප ඇල්බමය පොලිසිය විසින් සොයා ගෙන ඇත එuහි ඔහුගේ විවාහ දිනය සටහන්ව තිබුණේ පසුගිය අප්‍රේල් 25 යනුවෙන් බව පොලිසිය කීයග මියයන විට ඔහු විවාහ වී 25 දාට දිනට මාස තුනකි මීට අමතරව එහි තිබී තෑගි පාර්සල් කිහිපයක්‌ල වතුර iිල්ටර් එකක්‌ පොලිසිය සොයා ගෙන තිබේ
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment