තමන්ගේම පියා ගැට ගැසූ දුව



තමන්ගේම පියා ගැට ගැසූ දුව


 

වැලිගෙපොල ප‍්‍රදේශයේ සිය නිවසට යාබද කුඩා මඩුවක සිය පියා සුනඛයන්ට යොදන දන්වැලකින් හිංසාකාරී ලෙස බැද දමා සිටි කාන්තාව සහ ඇගේ සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

අප වාර්තාකරු පවසන්නේ විශ්වාසදායක තොරතුරක් අනුව අද උදෑසන කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැණුනු බවයි.  හිංසනයට ලක්වූ පියා 86 වන වියේ පසු වනවා.

ඔහු බැද දමා සිටි මඩුව ඉටිරෙදිවලින් ආවරණය කර පොල්අතු සෙවිළි කර සකස් කළ එකක්. සැකකාර යුවළ ප‍්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි. පාලනය කිරීම අසීරු නිසා ඔහු පුටුවක බැද දැමූ බවද ඔවුන් ප‍්‍රකාශ කර තිබෙනවා.

මෙම පුද්ගලයාට දරුවන් 11 දෙනෙකු සිටින බවයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිව ඇත්තේ. මේ වනවිට ඔහු වැලිගෙපොල රෝහලට ඇතුළත් කර සිටිනවා.






Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment